චතුර සමඟ කතාබහක්
තාක්ෂණය, අධ්‍යාපනය සහ ශ්‍රී ලාංකික තරුණයන්ගේ අනාගතය ගැන සුරංග කතා කරයි.
ඔබේ ජයග්‍රහණයේ කතාව ඔබම ලියන්න
Intimidated? The lecture I never gave — සිංහල පරිවර්තනය
වඩා හොඳ ජීවිතයක් ගැන සිහින දකින, එහෙත් සම්පත් සීමාවන් සහ ආත්ම විශ්වාසය අඩුවීම නිසා පසුබට වී සිටින ඔබ වෙනුවෙන්.
මේ කොලුගැටයා අයිති වන්නේ පහළ මධ්‍යම පන්තියට. ගෙදර වියහියදම් පියවෙන්නේ අම්මගේ තනි පඩියෙන්. ජීවිතය දකින්න පටන් ගත්තේ සිංහල විතරක් කතා කරන, කවුරුවත් ඒ තරම් අහල නැති ටවුමක. ස්මාට් දුරකථනයක් තියා පරිගණකයක්වත් පාවිච්චි කරන්නවත් හුරුවක් නෑ. කොටින්ම කිව්වොත් ලෝකෙ කොහෙවත් දැකල නැති ගොඩේ කොල්ලෙක්.
ඒත් ඔහුට පුළුවන් වුණා ශිෂ්‍යත්වය සමත් වෙලා රාජකීය විදුහලට පියනගන්න. උසස් පෙළ ගණිතය විෂයෙන් දිවයිනේම පස්වැනියා බවට පත්වෙන්න. ඔහුට ශක්තිය තිබුණා තනියෙන් සිංගප්පූරුවට යාගන්න. අම්මා දාඩිය මහන්සියෙන් හම්බ කරපු රුපියල් ඉතිරි කරල ඩොලර් 1000කට හරවපු චෙක් එකත් අතේ තදකරගෙන ඔහු සිංගප්පූරුව බලා පිටත් වන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව හදාරන්න. ඉංග්‍රීසියෙන්!
පසුව සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් හදාරනවා පමණක් නොවේ, එම කණ්ඩායමේ පළමුවැනියා බවට ද පත් වෙනවා. MIT Media Lab එකේ පුහුණුවක්ද ලබනවා. ශාස්ත්‍රීය ලෝකයේ හිණිපෙත්තට ම ගොස් මහාචාර්යවරයෙකු බවට පත් වෙනවා. ජාත්‍යන්තරව පිළිගත් Augmented Human Lab කියන විද්‍යාගාරය බිහිකොට එහි අධ්‍යක්ෂකධුරයට පත් වෙනවා. 180කට අධික පර්යේෂණ පත්‍රිකා ප්‍රමාණයක්, 40කට වැඩි ප්‍රධාන පෙළේ සම්මාන වගේම පේටන්ට් ගණනාවක හිමිකරු බවට පත් වෙනවා.
ඔහුගේ ජීවන ගමනෙහි පය පැටලුණු තැන් බොහොමයි. වැරදියටම කටයුතු කළ අවස්ථා බොහොමයි. සියලු බාධක අභිභවා ජයග්‍රහණය කළ අවස්ථා බොහොමයි. ඒ තුළ ඔබටද ලද හැකි ආදර්ශ බොහොමයි. අපමණයි. ඒ තුළ ඔබේ ජීවන කතාවද ආවර්ජනය කරගන්න පුළුවන්. ඒ තුළ ඔබේ අනාගතයද දැකගත යුතුයි.
මේ ඔබ කියවන්නේ නිකම්ම නිකම් ගොඩේ කොල්ලෙකුගේ කතාව නොවේ. නිකම්ම නිකම් ගොඩේ කොල්ලෙකුව සිට අසාමාන්‍ය ජීවන වෘත්තාන්තයක් ගොඩනගාගත් මිනිසෙකුගේ කතාවයි.
මේ මහාචාර්ය සුරංග නානායක්කාරගේ කතාවයි.
තාක්ෂණය, අධ්‍යාපනය සහ ශ්‍රී ලාංකික තරුණයන්ගේ අනාගතය ගැන සුරංග කතා කරයි.
බාධක බිඳ දැමීම, අවිනිශ්චිතභාවය වැලඳ ගැනීම සහ තමන්ගේම මඟ සොයා ගැනීම ගැන විවෘත සංවාදයක්.
තමාගේ පර්යේෂණාගාරය, පර්යේෂණ සහ සිසුන්ට වඩා විශාල සිහින දැකීමට උදව් කරන ආකාරය ගැන සුරංග කතා කරයි.
“Intimidated? The lecture I never gave” පොත ලිවීමට හේතු වූ පෞද්ගලික ගමන සහ අභිප්‍රේරණය සුරංග බෙදා ගනී.
නවෝත්පාදනය, අධ්‍යාපනය සහ ශ්‍රී ලංකාවේ සිට සිංගප්පූරුව දක්වා වූ ඔහුගේ ගමන ගැන සුරංග කතා කරයි.
නිර්භීත අදහස් සහ ආස්වාදජනක කතා සඳහා වේදිකාවක් වන INK Talks හිදී සුරංග තමාගේ කතාව බෙදා ගනී.